පළමුවෙන්ම, ඔබේ ව්‍යාපාර උපදේශකයා ලෙස බිස්නස් අයි මැනේජ්මන්ට් සර්විසස් (පුද්ගලික) සමාගම තෝරා ගැනීම ගැන අපි ඔබට ස්තූතිවන්ත වෙමු.
1. සමාගම් සංස්ථාගත කිරීම සඳහා අවශ්‍යය තොරතුරු
සමාගම සංස්ථාගත කිරීමට ලේඛන සකස් කිරීම සඳහා අපට පහත තොරතුරු අවශ්‍යය වේ,
a. සමාගමේ නම,
b. සමාගමේ ලිපිනය,
c. අධ්‍යක්ෂකවරුන්ගේ
i. සම්පූර්ණ නම,
ii. ලිපිනය
iii. ජාතික හැඳුනුම්පත් / පාස්පෝට් අංකය,
iv. විද්‍යුත් තැපැල් ලිපිනය
d. කොටස් හිමියන්ගේ
i. සම්පූර්ණ නම,
ii. ලිපිනය
iii. ජාතික හැඳුනුම්පත් / පාස්පෝට් අංකය,
iv. විද්‍යුත් තැපැල් ලිපිනය
v. කොටස් ගණන
e. සමාගමේ අරමුණු / ව්‍යාපාරයේ ස්වභාවය
f. පුද්ගලයාගේ නම, දුරකතන අංකය සහ විද්‍යුත් තැපැල් ලිපිනය
You can send the above details via email or if not click the below link and submit the Google form,
Information Form for Private Limited Registration
2. ඉහත තොරතුරු පිරවීම සඳහා උපදෙස්
a. සමාගමේ නම – ඔබේ අභිමතය පරිදි ඔබේ සමාගමේ නම සඳහා ඕනෑම වචන, අංක, ලිපි හෝ ලකුණු භාවිතා කළ හැකි නමුත් “ Chamber of Commerce, President, Presidential, Municipal, incorporated, Co-operative, Society, National, State, Finance or Sri Lanka” යන වචන භාවිතා කළ නොහැකිය. නමුත් ඔබට “Lanka” හෝ “Ceylon” යන වචන භාවිතා කළ හැකිය.
උදා : – A B C Holdings.lk 99 (Private) Limited
b. සමාගමේ ලිපිනය – ඔබට ශ‍්‍රී ලංකාව තුළ ඇති ඕනෑම ලිපිනයක් සමාගමේ ලියාපදිංචි ලිපිනය ලෙස භාවිතා කළ හැකි අතර ලිපිනය සඳහා සාක්ෂි ලෙස කිසිඳු ලේඛනයක් අවශ්‍යය නොවේ. වසරක් ඇතුළත කිසියම් භාණ්ඩයක් ආනයනය කිරීමට හෝ අපනයනය කිරීමට ඔබට කිසියම් සැලසුමක් තිබේ නම්, ඕනෑම අධ්‍යක්ෂකවරයෙකුගේ හෝ අධ්‍යක්ෂකවරයෙකුගේ සමීප නෑදෑ හිතමිතුරෙකුගේ හෝ බදු ඔප්පුවක් සහිත ලිපිනයක් සඳහන් කරන්න. (ශ‍්‍රී ලංකා රේගුව සඳහා අවශ්‍යය වේ – ආනයනකරුවන් සහ අපනයනකරුවන් සඳහා පමණි).
c. අධ්‍යක්ෂකවරුන්ගේ සම්පූර්ණ නම, ලිපිනය සහ ජාතික හැඳුනුම්පත් / පාස්පෝට් අංකය – අධ්‍යක්ෂකවරයා යනු සමාගම කළමනාකරණය කරන පුද්ගලයෙක් වන අතර ඔහු කොටස් හිමියෙකු නොවේ නම් ඔහුට සමාගමට කිසිදු හිමිකමක් නොමැත. අවම අධ්‍යක්ෂකවරුන් සංඛ්‍යාව එකක් වන අතර උපරිම සීමාවක් නොමැත. අධ්‍යක්ෂකවරුන් ඉවත් කිරීමට කොටස් හිමියන්ට බලය ඇත. ඕනෑම විදේශීය පාර්ශවයකට කිසිදු ගැටලූවකින් තොරව සමාගම් අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ හැකිය. එවැනි තත්වයක් තුළ අපට ඔහුගේ / ඇයගේ සම්පූර්ණ නම, විදේශ ලිපිනය සහ පාස්පෝට් අංකය පමණක් අවශ්‍යය වේ.
d. කොටස් හිමියන්ගේ සම්පූර්ණ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත / පාස්පෝට් අංකය සහ කොටස් ගණන – කොටස් හිමියා යනු සමාගමේ අයිතිය සතු පුද්ගලයෙක් වන අතර ඔවුන් ඔවුන්ගේ ආයෝජනයෙන් ලාභය භුක්ති විඳිති. ඕනෑම පුද්ගලයෙකුට කොටස් හිමියෙකු මෙන්ම අධ්‍යක්ෂකවරයකු විය හැකිය. අවම කොටස් හිමියන් සංඛ්‍යාව එකක් වන අතර උපරිම සීමාව පනහකි. අධ්‍යක්ෂකවරුන් පිළිබඳව තීරණ ගැනීමට කොටස් හිමියන්ට බලය ඇත. ඕනෑම විදේශීය පක්ෂයකට සහ ඕනෑම රජයේ සේවකයෙකුට කොටස් හිමියන් ලෙස ක‍්‍රියා කළ හැකිය.
e. සමාගමේ අරමුණු / ව්‍යාපාරයේ ස්වභාවය – එක් සමාගමක් යටතේ ව්‍යාපාර කිහිපයක් කිරීමට ඔබ අපේක්ෂා කරන්නේ නම්, සමාගමේ අරමුණු යටතේ “Common Objective” ලෙස සඳහන් කරන්නග නමුත් ඔබට කිසියම් ව්‍යාපාර අංශයක් විශේෂ කොට දැක්වීමට අවශ්‍යය නම් සමාගමේ අරමුණු යටතේ එම අරමුණ සඳහන් කරන්න. එම කුමන ආකාරයෙන් සඳහන් කලද විශේෂ ප‍්‍රතිලාභයක් නොමැත. නමුත් විදේශීය කොටස් හිමියන් සිටී නම්, සමාගමේ අරමුණු විශේෂ කොට දැක්වීම අනිවාර්ය වේ.
f. පුද්ගලයාගේ නම, දුරකතන අංකය සහ විද්‍යුත් තැපැල් ලිපිනය – මෙම තොරතුරු අපගේ දත්ත යාවත්කාලීන කිරීම සඳහා පමණක් වන අතර ඒවා සමාගම් සංස්ථා ලේඛනවල කොතැනකවත් සඳහන් නොවේග
සමාගමේ ව්‍යුහය පිළිබඳ පොදු අදහසක් ලබා දීමට සහ ඔබේ පොදු ප‍්‍රශ්න කිහිපයක් විසඳීමට ඉහත උපදෙස් ලබා දී ඇත. ඇතමුන් විසින් ලබා දී ඇති වැරදි තොරතුරු පදනම් කර ගනිමින් ඔබ විසින් ඉහත තොරතුරු වැරදි ආකාරයට දී ඇති අයුරු අප දැක තිබේ (උදා: – අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු නොමැතිව සමාගමක් සංස්ථාගත කළ නොහැක, විදේශිකයාට 100% කොටස් හිමිකම තබා ගත නොහැක.). එමනිසා, ඔබ අප සමඟ සන්නිවේදනය කරන විට ඔබේ සැබෑ අවශ්‍යයතාවය අපට දන්වන්න. එවිට පවතින නීති යටතේ එය කළ හැකිද යන්න අපි ඔබට උපදෙස් ලබා දෙන්නෙමුු.
3. සමාගම් සංස්ථාගත කිරීම සඳහා වන මුළු පිරිවැය
කරුණාකර මේ සමග අමුණා ඇති මිල දර්ශනය (Quotation) බලන්න
4. ගෙවීම් අදියර
1.පළමු අත්තිකාරම් මුදල ලෙස රු. 5,000 /- ක් ඉහත තොරතුරු සමඟ ගෙවිය යුතුය.
2.දෙවන අත්තිකාරම් මුදල ලෙස රු. 15,000 /- සමාගම සංස්ථාගත කිරීම සඳහා වන සියළුම ලියකියවිලි අත්සන් කිරීමෙන් පසුව සමාගම් රෙජිස්ට්රාර් වෙත ඉදිරිපත් කිරීමට පෙර ගෙවිය යුතුය
3.අවසාන ගෙවීම සමාගම සංස්ථාගත කිරීමේ ක‍්‍රියාවලිය සම්පූර්ණ කිරීමෙන් පසු ඔබ සංස්ථාගත කිරීමේ සහතිකය සහ අනෙකුත් ලියකියවිලි අප වෙතින් ලබා ගන්නා විට ගෙවිය යුතුය.
සටහන – ඔබට අප සමාගමට පැමිණ මුදලින්, ඔබේ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් පත භාවිතයෙන්, අපගේ බැංකු ගිණුමට මුදල් බැර කිරීම මගින් හෝ ඔන්ලයින් මගින් ගෙවීම් කළ හැකිය.
ඔබ අපගේ කාර්යාලයේදී ගෙවීම් කරන්නේ නම්, ගෙවීම තහවුරු කිරීම සඳහා අපි රිසිට්පතක් නිකුත් කරන්නෙමු. ඔබ කෙලින්ම අපගේ බැංකු ගිණුම් වෙත ගෙවීම් කරන්නේ නම්, කරුණාකර එම එම රිසිට් පත කෙටි පණිවුඩ (SMS), ඊමේල් (Email), වයිබර් (Viber) හෝ වට්ස්ඇප් (Whatsapp) හරහා දැනුම් දිය යුතු අතර ගෙවීම් කුවිතාන්සිය ඔබ සමඟ තබා ගන්න.
ඔන්ලයින් ගෙවීම් සඳහා
ඔන්ලයින් ගෙවීම් සඳහා මෙතනින් පිවිසෙන්න.මෙතනින් පිවිසෙන්න.
බැංකුව වෙත ගෙවීම සඳහා
කොමර්ෂල් බැංකුව (හලාවත) ඉතිරිකිරීමේ ගිණුම් අංක 8500021609
HNB (කුරුඳුවත්ත) ජංගම ගිණුම් අංක 076010125268
සම්පත් බැංකුව (කොළඹ සුපිරි ශාඛාව) ඉතිරිකිරීමේ ගිණුම් අංක 117554427346
NDB බැංකුව (හලාවත) ඉතිරිකිරීමේ ගිණුම් අංක 106110131178
නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව (නාවල) ඉතිරිකිරීමේ ගිණුම් අංක 200270007855
කාගිල්ස් බැංකුව (කොල්ලූපිටිය) ඉතිරිකිරීමේ ගිණුම් අංක 002107000445 ( ඕනෑම කාර්ගිල්ස් ෆුඞ් සිටි ශාකාවකින් ගෙවීම් කල හැකිය)
ගිණුම් හිමියා – වයි. එම්. ජගත් ඉන්දික.
කොමර්ෂල් බැංකුව (නාවල) ජංගම ගිණුම් අංක 1101013945
ගිණුම් හිමියා – බිස්නස් අයි මැනේජ්මන්ට් සර්විසස් (පුද්ගලික) සමාගම
5. ලිපිනය
බිස්නස් අයි මැනේජ්මන්ට් සර්විසස් (පුද්ගලික) සමාගම
නො. 1277 / 2, රජමල්වත්ත පාර,
බත්තරමුල්ල
ඔබට අපගේ කාර්යාලයට පැමිණීමට අවශ්‍යය උපදෙස් ලබා ගැනීමට අවශ්‍යය නම්, කරුණාකර පහත අංක වලට අමතන්න
011 288 98 45
07 64 24 64 25
070 284 22 00
හෝ
Search “Business Eye Management Services (Private) Limited” on Google maps.
6. වැඩ කරන වේලාවන්
සතියේ දිනවල උදේ 8.30 සිට සවස 6.00 දක්වා.
ඔබට යම් පැහැදිලි කිරීම් හෝ අමතර තොරතුරු අවශ්‍යය නම් කරුණාකර අප හා සම්බන්ධ වීමට පසුබට නොවන්න.
ඉදිරියේදී අප ඔබ සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙමු.