Business Eye Management Services

NEED HELP? TALK TO AN EXPERT

+9411 2 889 845 | +94 777 555 210
Follow Us:

2025දී දේපල බද්දක්?

2025 වසරේදී නව දේපල බද්දක් හඳුන්වාදීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

එම දේපළ බද්ද සෘජු බද්දක් බවත්, එම බද්ද ඉහළ දේපළ ඇති අයගෙන් අයකර ගන්නා නිශ්චිත මුදලක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර වක්‍ර බදු හඳුන්වාදීමක් හෝ බදු ප්‍රතිශත වැඩිකිරීමට ඉදිරියේදී කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

ඒ අනුව වක්‍ර බදු හේතුවෙන් භාණ්ඩ මිල ඉහළ නොයන බවත් භාණ්ඩවල ඉල්ලුම සහ සැපයුම මත භාණ්ඩ මිල තීරණය කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *