Business Eye Management Services

NEED HELP? TALK TO AN EXPERT

+9411 2 889 845 | +94 777 555 210
Follow Us:

TIN නිකුත් කිරීම කල් යයි

එක් එක් රාජ්‍ය ආයතනවලට ගොස් සේවකයන් සඳහා බදු අංකයක් (TIN) විවෘත කර දීමේ වැඩපිළිවෙළ තාවකාලිකව කල් දැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඒ ප්‍රායෝගික ගැටලු හා තාක්ෂණික ගැටලු කිහිපයක් හේතුවෙන්.

එමෙන්ම ජංගම ගිණුමක් ඇරඹීමේදී, රථ වාහන ලියාපදිංචි කිරීමේදී සහ අලුත් කිරීමේදී පෙබරවාරි මස 01 වැනිදා වන විට බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකයක් TIN ලබා දිය යුතු යැයි අනිවාර්ය කර තිබූ තීරණය ද අප්‍රේල් දක්වා කල් දැමූ බවත් ඔහු සඳහන් කළා.

කෙසේවෙතත් ජංගම ගිණුමක් විවෘත කිරීමේදී, ගොඩනැඟිලි සැලසුම් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විටදී, රථ වාහනයක් ලියාපදිංචි කිරීමේදී, බලපත්‍රයක් අලුත් කිරීමේදී සහ ඉඩම් අයිතිය ලියාපදිංචි කිරීමේදී බදු හඳුනා ගැනීමේ අංකය ඉදිරිපත් කිරීම අප්‍රේල් මස සිට අනිවාර්ය බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

2 thoughts on “TIN නිකුත් කිරීම කල් යයි”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *